අර්ජුන් රකින්න රනිල් තනි සටනක
18 June 2016
http://sathhanda.lk/news/2141-2016-06-18-05-01-27

Ranil_Protect_arjun_Sathhanda_18.06.2016
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබා නොදී ඔහුව ඉවත් කරන ලෙස එල්ල වෙමින් තිබෙන දැඩි බලපෑම් හමුවේ අගමැති රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම නිසා ජනාධිපතිවරයා දැඩි පීඩනයකට ලක්ව සිටින බව වාර්තා වේ.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේම මන්ත‍්‍රීවරුන් වන ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ඇමැති චම්පික රණවක මහතා මහේන්ද්‍රන් මහතාව අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතු බවට දැඩි මතයක සිට දිගින් දිගටම ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇත. පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ තවදුරටත් මහේන්ද්‍රන් මහතාව එම ධුරයේ තබා ගැනීමෙන් යහපාලන ආණ්ඩුවේ පැවැත්මට බරපතළ හානියක් සිදු වන බවය. විශේෂයෙන්ම ආණ්ඩුවට දූෂණ වංචා චෝදනා එල්ල කර යළි මහින්ද රාජපක්ෂ මහතාට බලය අත්පත් කරගත හැකි වතාවරණයක් ඇති විය හැකි බව ද ඔහු පෙන්වා දී ඇත.
මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා මෙම ගැටලූව සම්බන්ධයෙන් පුරවැසි පෙරමුණ සහ සාධාරණ සමාජයක් යන සිවිල් සමාජ ව්‍යාපාර දෙක සමඟ ද සාකච්ඡා කර ඇති අතර ඔවුන් ද මහේන්ද්‍රන් මහතාව ඉවත් කළ යුතු බව පවසා ඇත.
කෙසේ නමුත් අගමැති රනිල් වික්රමසිංහ මහතා තමන් අපේක්ෂා කරන ආර්ථික මොඩලය කරා මේ රට රැගෙන යාමට නම් අර්ජුන් මහේන්ද්‍රන්ව අවශ්‍ය බවට දැඩි මතයක පසුවේ. මීට පෙර ඉල්ලා තිබුණේ වසර දෙකක සේවා දිගුවක් වුවත් අවම වශයෙන් වසරක හෝ සේවා දිගුවක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා ඇත. රාජපක්ෂ රෙජීමය සමයේ දී අවුලෙන් අවුලට පත් කර තිබුණු මෙරට ආර්ථිකය දිගුකාලීන ඉලක්ක සහිතව යම් මාර්ගයකට ගෙන එමින් සිටිය දී ඊට ඉහළ සහයොගයක් දක්වන මහ බැංකු අධිපතිවරයාව ඉවත් කිරීම යළි රට ආර්ථිකමය අවුල්සහගත බවකට පත් වීමේ අවදානමක් ඇති බව අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බවත් වාර්තා වේ.
එනමුත් මේ වන විට අගමැතිවරයාගේ මේ උත්සාහයට එරෙහිව පෙනී සිටින එජාපයේම මැති ඇමැතිවරු පවසන්නේ යහපාලන ආණ්ඩුව බේරා ගැනීමට මහේන්ද්‍රන් මහතාව ඉවත් කරන ලෙසය. එහෙත් එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන ලෙසට කෙරෙන උත්සාහය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවක් බවය. විශේෂයෙන්ම එක්තරා මාධ්‍ය ආයතනයක් මේ පිටුපස සිටින බවත් එජාපය තුළ වික‍්‍රමසිංහ මහතාට එරෙහිව හඬ නගන පිරිස එම ආයතනයේ ගෙවීම් ලැයිස්තුවේ සිටින අය වීම මත එය තහවුරු වන බවත් එම ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මහේන්ද්‍රන් මහතා ඉවත් කිරීම වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජ නායකයන් ගණනාවක් ද මේ ආයතනයේ ගෙවීම් ලැයිස්තුවේ සිටින පිරිස බව ප‍්‍රකට කරුණකි.
-ඩී. මංජුල කුමාර
අර්ජුන් මහේන්ද්‍රන්ට තනතරු අහිමිවෙයි!
16 June 2016
http://sathhanda.lk/news/2136-2016-06-16-08-24-45

arjuna-mahendran-Sathhanda-16.06.2016
ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත මහබැංකු සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව සිය ඡන්දය භාවිත කිරීමට අද (16) තීරණය කර ඇතැයි වාර්තා වේ.
මහ බැංකු අධිපති ධූරය සඳහා ඒ මහතා නැවත පත්කිරීමට එරෙහිව සමාජය තුළ බරපතළ විරෝධයක් මතුවෙමින් පවතින තත්ත්වයක් තුළ මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බවයි එහි ප්‍රකාශකයකු පවසා සිටියේ.
මේ අතර අද දිනය තුළ තමන් නැවත මෙම තනතුරට පත්කරනවා ද නැද්ද? යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් නොලැබුණහොත් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව අර්ජුන මහේන්ද්‍රන් මහතා බලධාරීන්ට පවසා ඇති බව ද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ‘සුදියට වරෙන් පුතා ක්‍රෙඩිට් කාඩ් සාගරේ - මේක මහේන්ද්‍රන්ල සුදිය දාන මහ බැංකුවෙ කාමරේ‘
මහ බැංකු අධිපති ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ගේ ‘ක්‍රෙඩිට් කාඩ් එකවුන්ට්‘ වාර්තාව මෙන්න
http://54.86.146.54/news/4144/si

Bond-Mahendran-Credit-card-LeN-16.06.2016
(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.16, පෙ.ව.7.00) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හෙවත් ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ එක දිනක ‘සුදිය‘ සඳහා ලංකාවේ මහජන මුදල් ‘දෙලක්ෂ දහ අට දහස් නවසිය හැත්තෑවක්‘ (2,18,970/-) වියදම් කර තිබේ. 2015 දෙසැම්බර් 19 වෙනිදා ඔහුගේ Entertainment වියදම එසේය. ‘එන්ටර්ටේන්‘ යන්නෙහි සිංහල අර්ථය ‘සුදිය‘ ලෙස ලංකා ඊ නිව්ස් හි අර්ථ දැක්වීමට කිසිවෙකු විරුද්ධ වනු ඇතැයි සිතිය නොහැක.
මහා භාණ්ඩාගාරය විසින් නැවත ගෙවනු ලැබූ ‘බොන්ඩ් මහේන්ද්‍රන්ගේ‘ ක්‍රෙඩිට් කාඩ් වියදම් අනුව අදහා ගත නොහැකි එවැනි තවත් ‘සුදි වියදම්‘ කිහිපයක් මෙසේය.
2015 ඔක්තෝම්බර් 02 වෙනිදා ඔහු ‘සුදිය‘ සඳහා රු. එක් ලක්ෂ විසි තුන් දහසකට (1,23,000/-) අධිකව වියදම් කර තිබේ.
එම මාසයේම 13 වෙනිදා යලිත් වතාවක් ‘සුදිය‘ සඳහා රු. එක් ලක්ෂ හැට පන්දහසකට (1,65,000/-) අධිකව වියදම් කර තිබේ.
මේ සියල්ල එදිනෙදා වේල පිරිමහා ගන්නට බැරිව ලතවෙන ලංකාවේ මහජනතාවගේ බදු මුදලින් ගෙවා තිබීම ගැන යහපාලන ලොක්කන් ලැජ්ජා විය යුතුය. මහජනතාවගෙන් සමාව ගත යුතුය.
මේ වනචර රාජ්‍ය නිලධාරියා 2015 පෙබරවාරියේ සිට 2015 දෙසැම්බර් දක්වා සිදුකළ ක්‍රෙඩිට් කාඩ් ගණු දෙනු වලට මහා භාණ්ඩාගාරය විසින් ලංකාවේ මහජන මුදල් අත දිග හැර ගෙවා තිබෙන හැටි ගැන සම්පූර්ණ ලිඛිත සාක්ෂියක් මෙසේ හෙලිකරමු.. මේ සාක්ෂි අනුව ඔහුට නීති විරෝධීව කෙසේ වෙතත් සදාචාර විරෝධීව ගෙවූ මේ මහජන මුදල් යලි අය කර ගත යුතුය.
අගමැතිවරයාගේ යාලු මිත්‍ර කම හැර වෙනත් කිසිදු සුදුසු කමක් නොමැතිව, ණය වාරිකය ගෙවා ගැනීමට ජාතික ආදායම මදි වී සිටින රටක මහ බැංකු අධිපතියා වී මෙලෙස මහජන මුදලින් ‘සුදි කිරීම‘ සාධාරණය කරමින් ඔහු තවදුරටත් මහ බැංකු අධිපතියා ලෙස තබා ගත යුතු යැයි කියන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි තවත් පට්ට දූෂිතයෙක් පමණි. ( කිරිඇල්ලගේ තතු මතු හෙලිකරමු)
ලබන 30 වෙනිදා දක්වා නොව තව එක් පැයක් මේ හාදයා මේ තනතුර දැරීමට සුදුසු නොවන බව මෙහි පහත දැක්වෙන මහජන මුදලින් ගෙවූ ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් වියදම් විස්තරය හැදෑරීමෙන් තේරුම් ගත යුතුය. පහත ‘ඉමේජර්ස්‘ මත ‘ක්ලික්‘ කර විශාල කර කියැවිය හැකිය.
---------------------------
by (2016-06-16 01:32:33)
Bond Mahendran’s selfish ‘sudhiya’ expenditure surpasses gambling den sudhiya of gamblers!
Full list exposing his mad merrython at State expense...
http://54.86.146.54/news/1428/en

Bond-Mahendran-Credit-card-LeN-16.06.2016 (Lanka-e-News -16.June.2016, 11.15PM) The Governor of Central Bank of Sri Lanka Arjun Mahendran alias ‘Bond Mahendran’ has unbelievably spent a sum of Rs. 218,970.00 just on a single day for entertainment ! This is, for his mad merrython he had spent this huge amount out of State funds on 19 th December 2015. In Sinhala , ‘Sudhiya’ is the word derogatorily used for this type of profligate fun and frolic . Hence , our using this word to describe Bond Mahendran’s reckless profligacy will not be objected to by anyone. Even when original James Bond has fun with women the Sinhalese called that sudhiya in revulsion. So when our local counterfeit ‘Bond Mahendran’ is wasting the public funds for his selfish mirth and merriment , the people describing it as ‘ sudhiya’ or even worse is understandable.
Based on the reimbursements made by the general treasury on account of Bond Mahendran’s credit card expenses are so huge , we are compelled to expose them under the category of ‘his sudhiya’ expenditure as follows…
On 2 nd October 2015 , he has spent or rather wasted over Rs. 123,000.00 for his sudhiya.
On the 13 th in the same month itself , he has again spent over Rs. 165,000.00 for his sudhiya.
The chiefs of the good governance must feel ashamed that all these sudhiya expenditures of one scoundrel has been met by the tax payers’ monies. Much worse , while an average citizen is hard put to eke out a living, and thinking which meal they should skip to manage their poverty stricken day to day life , our leaders turning a blind eye to the mad merrythons, and profligate mirth and merriment of self seeking Bond Mahendran who is only obsessed with selfish sudhiya is most deplorable, despicable and detestable.
We are reluctantly compelled to expose the wasteful credit card transactions of this single State officer alone during the period between February and December 2015 , and which profligate public expenditures have been defrayed by our Treasury most gladly and lavishly .
We furnish hereunder the full list of details. Based on these details ,his legal obligations notwithstanding , he is morally bound to return these monies he wasted out of public funds, if not those monies must be collected from him.
This ‘Bond Mahendran’ has no suitability whatsoever except his bond with the Prime Minister . Even after knowing very well this is a scoundrel who deems it right to waste people’s funds this colossally amidst the glaring fact that the country is facing dire financial problems with an inadequate national revenue , if politicos like Lakshman Kiriella are still insisting that he shall continue , as another corrupt crook.
If one reads the figures appended exposing his reckless and ruthless waste of public funds , it is crystal clear this Bond Mahendran is a bloke who does not deserve to be kept in this present position even for an hour more , leave alone until his term ends on the 30 th. By clicking on the ‘images’ the details can be read by magnification.
---------------------------
by (2016-06-16 17:58:59)
තනතුරු ගන්නේ නිදොස් නම් පමණයි - අර්ජුන් Featured
- Jun 25, 2016
http://sinhala.lankanewsweb.net/news/special-news/item/4442-2016-06-25-05-46-19

Arjuna_Mahendran_LNW_25.06.2016
තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් කැඳවා ඇති වාර්තාව එළිදැක්වෙන තුරු සේවා දිගුවක් භාර නොගන්නා බවට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා තීරණය කර ඇත. කෝප් කමිටුවට පමණක් නොව ඕනෑම අධිකරණයක් ඉදිරියේ හෝ තම නිර්දෝශීබව ඔප්පු කිරීමට තමන් සූදානම් බවද ඒ මහතා පවසා ඇත. ඔහු මෙම තීරණයට එළඹ ඇත්තේ සිය සමීපතමයින් හා පැවති සාකච්චාවකින් අනතුරුවය.
බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කර මෙම වාර්තාව කෝප් කමිටුව වෙත ඉදිරිපත් කෙරෙන්නේ විගණකාධිපති වරයා විසින් වන අතර මෙම විගණන කටයුත්තට පසුගිය සමයේ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ සහකාර විගණකාධිපති ලලිත් අඹන්වෙල මහතා ද සහභාගී වීමට නියමිතය. මෙසේ විමර්ශන වාර්තාවක් කැඳවීමට කෝප් කමිටුව වෙත යෝජනා වී ඇත්තේ පසුගියදා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ පිරිසක් සමඟ කෙරුණු සාකච්චාවක ප්‍රතිඵලයක් ලෙසය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව එල්ල වන චෝදනා අගමැතිවරයා විසින් ද ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ පිළිබඳව කළ විමසීමක දී එක එක කයිවාරුකාරයන් කියන දේවල්වලට වඩා රටේ ආර්ථිකය ගැන කවුරුත් සිතිය යුතු බවත් අර්ජුන් මැදිහත් නොවෙන්නට අයි.එම්.එෆ්. වෙතින් ලැබුණු ඩොලර් බිලියන 1.5, ඉන්දීය මහ බැංකුවෙන් ලැබුණු ඩොලර් බිලියන 1.5, ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 500, ADB වෙතින් ලැබුණු ඩොලර් මිලියන 200, සිටී ඩොයිෂ් වෙතින් ලැබුණු ඩොලර් මිලියන 500, ඩුබායි - ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ලැබුණු ඩොලර් මිලියන 400 ගෙන මේ ආකාරයෙන් හෝ ආර්ථිකය ගෙන යාමට නොලැබෙන බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වේ.
තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සිය සමීපතමයින් පිරිසක් හා කළ සාකච්චාවේදී තමන්ට මුදල් ඉපයීමට අවශ්‍ය නම් තමන්ගේ කීර්තිනාමය නැති කරගෙන එය කළ යුතු නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවකට එක්වීම හරහා මීට වඩා ඉතා ඉහළ ආදායමක් තමන්ට උපයා ගැනීමට අවස්ථාව තිබෙන බවත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කර ඇත.
ජුනි 30 වනදායින් අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ මහබැංකු අධිපති ධුර කාලය අවසන් වීමට නියමිතය. ඒ අනුව ඔහුට සේවා දිගුවක් ලැබේද යන්න කෝප් කමිටු වාර්තාව මත තීරණය වනු ඇත.
බොන්ඩ් මහේන්ද්‍රන් ඉවතට: වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක්..?
http://54.86.146.54/news/4158/si

Arjun_mahendran_like_thief1_LeN_19.06.2016
(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.19, පෙ.ව 7.55) බරපතල දූෂන චෝදනා මෙන්ම අයහපත් හැසිරීමේ චෝදනා එල්ල වී ඇති වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හෙවත් ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ධූරයෙන් ඉවත් කර පරීක්ෂණයක් පැවැත්වීමටත් එතෙක් වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක් පත් කිරීමටත් අගමැතිවරයා එකඟ වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සහ වෘත්තීය සංවිධාන නියෝජිතයන් පසුගිය 17 වෙනිදා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී චූදිත මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන්නැයි ඔව්හු නායක දෙපොලගෙන් ඉල්ලා සිටියහ. එක් වරම එසේ කළ නොහැකි නම් චූදිත ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ධූරයෙන් ඉවත් කර පරීක්ෂණයක් පවත්වන ලෙසත් එතෙක් වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන ලෙසත් කරන ලද ඉල්ලීමට අගමැතිවරයාගේ කැමැත්ත පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර අවසන් තීන්දුවක් ප්‍රකාශ කරන බව පවසා තිබේ.
---------------------------
by (2016-06-19 02:29:22) සුනිල් හඳුන්නෙත්ති කෞටිල්‍යයෙන් උත්තර දෙයි
Saturday, 11 June 2016 16:23
http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/1678-සුනිල්-හඳුන්නෙත්ති-කෞටිල්‍යයෙන්-උත්තර-දෙයි

kawtilya_Sunil_Haduneththi_LT_11.06.2016
VIDEO : https://www.facebook.com/jvpsrilanka/videos/1034619199960700/
මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව කෝප් කමිටුවට කැඳවා තිබූ දින විශ්වාසභංගයේ ඡන්ද විමසීම එදින පැත්වීමට නියමිතව තිබූ නිසා කෝප්කමිටුව කැන්සල් කළ හැකිදැයි ඉතා සුහද සීලීව යම් යම් අය තමාගෙන් විමසූ බවත් ඉතාමත්ම නිහතමානීව තමා එය ප්‍රතික්ෂේප කළ බවත් කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පරෙමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (10) සිරස රූපවාහිනියේ නිවුස්ලයින් වැඩසටහනේ දී පැවසීය.
වංචා දූෂණවලට ලක්වූ නිලධාරීන් තවදුරටත් සේවයේ තබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම ගැන ඔහු පැවසූවේ කෞටිල්‍යයේ උදාහරණයක් ගෙන හැර දක්වමිනි. සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදී පැවසූවේ තොල අග මී පැණි තබා කෑවේදැයි ඇසීමෙන් පළක් නොවන බව එහි සඳහන්ව ඇති බවය.
එහි තේරුම වන්නේ දූෂිත පුද්ගලයින්ට තනතුරු ලබා දී හොරා කෑවේදැයි ඇසීමෙන් පළක් නොවන බවය.
කෞටිල්‍යය
කෞටිල්‍යය යනු ඉන්දීය ජාතිකයෙකි, ක්‍රි.පූ. 4 වැනි සියවසේ ජීවත් වූ මොහු මෞර්ය චන්ද්‍රගුප්ත අධිරාජයාට රාජ්‍ය බලය ලබා ගැනීම පිළිබඳ ඉගැන්වූ පුද්ගලයාය. චානක්‍ය යන නමින්ද විෂ්ණු ගුප්ත යන නමින් ද හඳුන්වන මොහු රචනා කළ ග්‍රන්ථය අර්ථ ශාස්‌ත්‍රය නම් වේ. මෙය ලෝක ඉතිහාසයේ රාජ්‍ය පාලනය පිළිබඳ ලියෑවුණ පැරණි වැදගත්ම ග්‍රන්ථය ලෙසද පෙන්වාදිය හැකිය. කෞටිල්‍යයගේ අර්ථ ශාස්‌ත්‍රය තුළ ලංකාව පිළිබඳවද තොරතුරු සඳහන් කර ඇත. කෞටිල්‍යය ලංකාව හඳුන්වා ඇත්තේ "පාර සමුද්‍ර" යන විශේෂ නාමයෙනි. ග්‍රීක රෝම හා චීන මූලාශ්‍ර සමඟ සසඳද්දී අර්ථ ශාස්‌ත්‍රය තුළ ලංකාව පිළිබඳ ඇත්තේ ඉතාමත් අඩු තොරතුරු ප්‍රමාණයකි.
‘බොන්ඩ් මහේන්ද්‍රන්ගේ‘ ගුවන් කරණම් ලැයිස්තුව මෙන්න: මාස 12 යි කරණම් 22 යි
http://54.86.146.54/news/4125/si

Bond_Mahendran_Air_Shows_LeN_13.06.2016
(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.13, පෙ.ව.6.30) ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හෙවත් ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ විසින් පසුගිය වසරේ 2015 පෙබරවාරි සිට 2016 පෙබරවාරි දක්වා මාස 12 කට 22 වතාවක් විදේශ වල සංචාරය කර තිබේ. ඔහු ගිය විදෙස් සංචාර වල පූර්ණ විස්තරයක් ‘ලංකා ඊ නිව්ස්‘ වෙත ලැබී තිබේ.
මෙම සංචාර ‘නිල‘ සංචාර යයි කියා ඔහු කීවද ඒවායින් බොහෝ සංචාර නිල නොවන පුද්ගලික ඒවා වූ නමුත් ශ්‍රී ලංකා රජයේ මුදලින් වියදම් දරා තිබේ. මෙම සංචාර සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් යානා ආසන වෙන් කර ගෙන ඇති අතර සංචාර වලට අදාලව සුපිරි හෝටල් පහසුකම් ද බොන්ඩ් මහේන්ද්‍රන් විසින් ලංකාවේ රජයේ මහජන මුදලින් ලබා ගෙන තිබේ. (මහජන මුදලින් රුපියල් ලක්ෂ 12 කට ඇඳුමක් මිලදී ගෙන තිබුනේද මෙවැනි සංචාරයකදී ය)
මෙම සංචාර ‘නිල‘ ඒවා බව පෙන්වීම සඳහා මහ බැංකුවේ සාමාන්‍ය සේවකයෙකුද විටෙක එක් කර ගෙන ඇති අතර ඔහුටද ව්‍යාපාරික පන්තියේ ගුවන් යානා ආසනද හෝටල් පහසුකම්ද මහජන මුදලින් ලබා ගෙන තිබේ. මහ බැංකුවේ නීති රීති අනුව එවැනි සාමාන්‍ය සේවකයන්ට එවැනි පහසුකම් ලබා දීමට හැකියාවක් නොමැති වුවද ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ඒ ගැන තැකීමක් කර නැත. එපමණක් නොව සමහර සංචාර ආවරණය කිරීම සඳහා ඡායාරූප ශිල්පියෙකුටද ගුවන් ටිකට් පත් සහ හෝටල් පහසුකම් ලබා ගෙන තිබේ. නමුත් එම සංචාර වලදී සහභාගී වූ රැස්වීම් ආවරණය කිරීමට ඒවා සංවිධානය කරන ආයතන වලින්ම පහසුකම් සපයා ඇත. සේයාරුවක් ගැනීම මහා බිබික්කමක් නොවන අද වැනි යුගයක ‘බොන්ඩ් මහේන්ද්‍රන්ගේ‘ රැස්වීමක කතා කරන සේයාරුවක් ගැනීමට ලංකාවෙන් අධික මහජන මුදලක් වියදම් කරමින් පුද්ගලයෙකු වෙනම රැගෙන යෑම විිහිළුවකි. මොහු රාජ්‍ය නායකයා නම් එසේ රැගෙන ගියාට ප්‍රශ්නයක් නැති නමුත් රජයේ නිලධාරියෙකු ලෙස මෙවැනි නාස්තිකාර වැඩ කිරීම ලංකාව වැනි ණය වාරිකය ගෙවා ගැනීමට ජාතික ආදායම මදි රටකට කිසි සේත්ම ගැලපෙන්නේ නැත.
මීට අමතරව බොන්ඩ් මහේන්ද්‍රන් බැංකු අධිපති වීමෙන් පසු ලංකාව තුල බිම ගමන්ද අමතක වී තිබේ. ඔහු සහ පවුලේ අය රටේ විවිධ ස්ථාන වෙත විනෝද ගමන් යෑම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් භාවිතා කර ඇත. ඒ සඳහා මහ බැංකුවෙන් ගෙවීම් කර තිබේ. මෙම ගමන් බිමන් ජනාධිපතිවරයාගේ ගමන් බිමන් වලටත් වඩා අධිකය. තව මාසයක් පමණක් සේවයේ යෙදීමට වරම් ඇති මොහු ඉදිරි සති දෙකට පවා හෙලිකොප්ටර් ගමන් වාර 8 ක් වෙන් කර ගෙන ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග කියයි.
මහ බැංකුවේ අධිපතිවරයා ෆයිල් මිටියක් කිහිලි ගන්නා ගෙන ත්‍රී වීල් රථයක යා යුතු අයෙක් නොවන නමුත් ‘කුඩු කතත් විරිත්තමකට‘ යන කියමන ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ නොදන්නා බව ඔහු මහ බැංකු අධිපති වීමෙන් පසු කළ කී දෑ තුලින් පෙනී යයි.
2015 පෙබරවාරි සිට 2016 පෙබරවාරි දක්වා ‘බොන්ඩ් මහේන්ද්‍රන්ගේ‘ ගුවන් කරණම් මෙසේය.
2015 පෙබරවාරි 10-21 දක්වා - ඇමරිකානු සංචාරයකි
2015 මාර්තු 07-12 දක්වා - ඇමරිකානු සංචාරයකි
2015 ජුනි 27-ජුලි 02 දක්වා - සිංගප්පූරුව සහ ජපානයේ සංචාරයකි
2015 ජුලි 10-16 දක්වා - නවසීලන්ත සංචාරයකි
2015 අගෝස්තු 20-21 දක්වා - සිංගප්පූරු සංචාරයකි
2015 අගෝස්තු 25-26 දක්වා - සිංගප්පූරු සංචාරයකි
2015 සැප්තැම්බර් 01-05 දක්වා - සිංගප්පූරුවේ සහ ඉන්දුනීසියාවේ සංචාරයකි
2015 සැප්තැම්බර් 15-17 දක්වා - එක්සත් අරාබි එමීර් සංචාරයකි
2015 ඔක්තෝබර් 01-04 දක්වා - සිංගප්පූරුවේ සංචාරයකි
2015 ඔක්තෝබර් 05-06 දක්වා - මාලදිවයිනේ සංචාරයකි
2015 ඔක්තෝබර් 12-18 දක්වා - සිංගප්පූරුවේ සංචාරයකි
2015 ඔක්තෝබර් 31-නොවැම්බර් 01 දක්වා - සිංගප්පූරුවේ සංචාරයකි
2015 නොවැම්බර් 13-17 දක්වා - සිංගප්පූරුවේ සංචාරයකි
2015 නොවැම්බර් 21-23 දක්වා - ඉන්දියාවේ සංචාරයකි
2015 නොවැම්බර් 24-29 දක්වා - පිලිපීනයේ සංචාරයකි
2015 නොවැම්බර් 27 දා - පිලිපීන සංචාරය අතර දී සිංගප්පූරුවට පැමිණ තිබේ
2015 දෙසැම්බර් 08-12 දක්වා - සිංගප්පූරුවේ සංචාරයකි
2015 දෙසැම්බර් 20-23 දක්වා - සවුදි අරාබියාවේ සංචාරයකි
2015 දෙසැම්බර් 26-28 දක්වා - ඉන්දියාවේ සංචාරයකි
2016 ජනවාරි 20-24 දක්වා - ස්විට්සර්ලන්තයේ සංචාරයකි
2016 පෙබරවාරි 05-10 දක්වා - ප්‍රංශයේ සංචාරයකි
2016 පෙබරවාරි 15-17 දක්වා - චීනයේ සංචාරයකි
මෙවැනි නිලධාරියෙකුට තවත් වසරක සේවා දිගුවක් දිය යුතුද?
-අදාල ලේඛන සාක්කිය මෙහි පහත සේයාරුව ක්ලික් කර විශාල කර බැලිය හැකිය-
(‘බොන්ඩ් මහේන්ද්‍රන්ගේ‘ කුප්‍රකට ක්‍රෙඩිට් කාඩ් පතේ විය හියදම් ලැයිස්තුවද ලංකා ඊ නිව්ස් වෙතින් බලාපොරොත්තු වන්න)
---------------------------
by (2016-06-13 01:08:37)
සුද්දන්ගේ ජේම්ස් බොන්ඩ් සහ සුද්දෙ දාන 'බොන්ඩ් මහේන්ද්‍රන්'..! සූට් එක ලක්ෂ 12 යි..!!
http://54.86.146.54/news/4073/si

Arjun_mahendran1_LeN_03.06.2016
(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.03, පෙ.ව.10.45) ජේම්ස් බොන්ඩ් වනාහී එංගලන්තය විසින් නිර්මාණය කරන ලද චරිතයක් වන අතර ඔහු අධික මුදල් වැය වන තාක්ෂනය භාවිතා කර දූෂිතයන් සහ අපරාධ කරුවන් හඹා ගොස් ඔවුන් නීතිය ඉදිරියට ගෙන එන අපරාධ පරීක්ෂක චරිතයක් පමණක් නොව එය එංගලන්ත ජනතාව විසින් පරම්පරා දෙකක් පුරා ඉදිරියට ගෙන යන චරිතාපදානයකි.
ලංකාවේ අපටද එවන් චරිතාපදානයක් බිහි වී තිබේ. ඔහුද ‘බොන්ඩ්‘ කෙනෙකි. නමින් ‘බොන්ඩ් මහේන්ද්‍රන්ය‘. සැබෑ නම අර්ජුන් මහේන්ද්‍රන්ය. ඔහු ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ලෙස පුරසිද්ධ වූයේ අපරාධ පරීක්ෂකයෙක් ලෙස නොව අපරාධකරුවෙක් ලෙසය. හේ වර්තමාන ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ය. ඔහුට ඒ නම පට බැඳුනේ ‘ට්‍රෙෂරි බොන්ඩ්‘ හෙවත් මහ බැංකු බැඳුම්කර නිකුතුවකදී තම බෑණාට විශේෂත්වයකින් කටයුතු කර රුපියල් බිලියන 2 ක් හෙවත් රු. මිලියන 2000 ක් හෙවත් කෝටි 200 ක් පමණ ලංකාවේ රාජ්‍යයට අලාභ කිරීම නිසාය. මෙවැනි අලාභයක් කෙළේ නැතැයි ආණ්ඩුවේ එජාප කොටස පස් පඩංගුවේ දිවුරා කීවද ‘ට්‍රෙෂරි බොන්ඩ්‘ ප්‍රශ්නය නිසා අගෝස්තු 17 පැවැති මහ මැතිවරණයේදී එජාපයට අඩුම වශයෙන් මුළු රටින්ම මන්ත්‍රී ආසන 8-10ක් පමණ අහිමි විය. මන්ද යත් මරාවාදී විපක්ෂයට දමා ගැසීමට තිබූ එකම අවිය වූයේ මෙකී ‘බොන්ඩ් ප්‍රශ්ණය‘ බැවිනි.
පයිතගරස්
අර්ජුන් මහේන්ද්‍රන් වනාහී අගමැති රනිල් වික්‍රමසිංහගේ කාලයක් තිස්සේ සිටින ගජ මිතුරෙකි. රනිල් වික්‍රමසිංහ සිතන්නේ මේ ලෝකේ දැනට ජීවතුන් අතර සිටින ආර්ථික විද්‍යා හෝ මූල්‍ය විද්‍යා හෝ ඩීල් විද්‍යා හෝ ‘පයිතගරස්‘ අර්ජුන් මහේන්ද්‍රන් කියා ය. එබැවින් ඔහු මහාචාර්ය වරුන්ට පවා ‘පයිතගරස්ගෙන්‘ අසා දැන ගෙන එන්නැයි කියා ඔහු වෙත යවයි.
රනිල් යහපාලනය වැළැඳ එහි අගමැතිවීමෙන් පසු පෙර කී ‘පයිතගරස්‘ හෙවත් අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ගෙන්වා මහ බැංකුවේ අධිපති කෙළේය.
දින 100 ආණ්ඩුව තුලදීම අර්ජුන් මහේන්ද්‍රන් බිලියන 2 ක මහජන මුදල් අපයෝජන චෝදනාවකට ලක්වී ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ලෙස යලි උපන්නේ දිව්‍ය ලෝකයක වුවද, ඔහුට රට නම් යලි දිව්‍ය ලෝකයකට හෝ දිව්‍ය ලෝකයේ පාමුලකට හෝ ගෙන යෑමට නොහැකි විය.
සත්‍ය වශයෙන්ම ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ දන්නේ ‘මූල්‍ය ඩීල් විද්‍යාව‘ මිස ‘මූල්‍ය පාලන විද්‍යාව‘ නොවේ. ලංකාවේ මහ බැංකුවට අවශ්‍ය වන්නේ ඩීල් කරුවෙක් නොව මූල්‍ය පාලන විද්‍යාව දන්නා අයෙක් බව නොතේරීම අවිද්‍යාවකි.
‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ මූල්‍ය පාලනය දන්නවානම් ණය වාරිකය ගෙවා ගැනීමට වාර්ෂික ආදායම මදි වී තැවෙන තමන්ගේ මාතෘ භූමිය පහත දැක්වෙන ආකාරයෙන් ‘උලා කන්නේ‘ නැත. ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ගේ වාර්ෂික කෙරුවාව මෙසේය.
ඊට 2015 පෙබරවාරි 28 දා සිට දෙසැම්බර් 31 දා දක්වා ගත වූ කාලයට අදාලව ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ‘ ගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුම උදාහරණ සපයයි.
අදාල කාලය තුල මහේන්ද්‍රන් නවාතැන්, ආහාර පාන, විනෝදාංශ ඇඳුම් පැළැඳුම් සහ අභ්‍යන්තර ගමන් බිමන් ආදිය සඳහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 18 කට ආසන්නය. ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පත මගින් කරන ලද එම වියදම් වලින් බොහොමයක් මහ බැංකුව විසින් ඔහු වෙත නැවත ගෙවනු ලැබ තිබේ. (reimburse)
මහ බැංකු අධිපති කම නම් වූ ඉතා බලසම්පන්න තනතුර බාරගෙන කෙටි කලකින්ම තනතුරේ හිමිකමක් ලෙස ලැබෙන ක්‍රෙඩිට් කාඩ් පතෙහි වියදම් සීමාවන් ඔහු විසින්ම ඉහල දමා ගනු ලැබූ නිසා මෙම වියදම් තම නිල හිමිකම අනුව කළා යැයි කීමට හැකියාවක් ඇතත් බයිලා පිලිගන්නෝ දැන් අවමය.
ඔහු විසින් වියදම් කරනු ලැබූ රුපියල් මිලියන 18 න් මේ වන විට මහ බැංකුව විසින් නැවත ගෙවන ලැබ ඇති මුදල රුපියල් මිලියන 14. 5 ක් පමණ වෙතැයි දැන ගන්නට තිබේ. ඒ අනුව ගත් කළ මහ බැංකුව විසින් බැංකු අධිපතිවරයාගේ වියදම් සඳහා මාසයකට ඔහු වෙත ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1. 4 කි.
අපකීර්තිමත් බැඳුම්කර ගණුදෙනුවෙහි වගකීම බාර ගැනීමත්, තම වැටුප කුමක්දැයි ප්‍රකාශයට පත් කිරීමත් හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබූ පුද්ගලයෙකු නඩත්තු කරනු ලැබීම සඳහා මෙතරම් මහජන මුදල් කන්දරාවක් වියදම් කිරීමට මේ රටේ ජනතාවට පිස්සුද?
අසාමාන්‍ය ලෙස අධික මිල ගණන් වල ඇඳුම් පැළැඳුම් මිලදී ගැනීමට ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ දක්වන ලැදියාව මේ වන විටත් බොහෝ දෙනා දන්නා කරුණකි. ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුම් ප්‍රකාශනය මගින් පෙන්වා දෙන අන්දමට 2015 දී සිංගප්පූරුවේ නිල සංචාරයක නිරතව සිටියදී ඔහු මිලදී ගත් එක් ඇඳුම් කට්ටලයක් සඳහා ක්‍රෙඩිට් කාඩ් පත මගින් වියදම් කොට මහ බැංකුව වෙතින් නැවත ලබා ගෙන ඇති මුදල රුපියල් මිලියන 1.2 ක් පමණ වේ.
ඔහු ඇදහිය නොහැකි ලෙස වියදම් කර ඇති තවත් අංශයක් වන්නේ නවාතැන්ය. “තම නිල කාර්යයන්හි නියුක්ත වීම“ ට සිදු වූ නිසා මහ බැංකු අධිපතිවරයාට සහභාගී වීමට අවස්ථාවක් නොලැබුණු පේරූ රාජ්‍යයේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම පිණිස ඔහු වෙනුවෙන් වෙන්කරනු ලැබූ නැවත ආපසු නොගෙවන හෝටල් කාමර ගාස්තු වැනි වැය ද මහ බැංකුව විසින් ඔහු වෙත ආපසු ගෙවා දමා තිබීම පුදුමාකාරය.
අවධානයට යොමු වී ඇති මාස 10 ක කාල පරිච්ඡේදය තුල මහ බැංකු අධිපතිවරයා විසින් ඇඳුම් පැළැඳුම් සඳහා ගෙවනු ලැබ ඇති මුදල රුපියල් මිලියන 2 ක් පමණ ය. විනෝදාංශ සඳහා වූ කාර්යයන් සඳහා වූ වැය රුපියල් මිලියන 2 ක මට්ටමකට පවතින අතර ආහාර පාන සඳහා කරනු ලැබ ඇති වියදම රුපියල් මිලියන 2.5 ක් පමණය. ඔහුගේ දේශීය ගමන් බිමන් සඳහා වූ වියදම පමණක් රුපියල් ලක්ෂ 6 කි. මෙම වියදම් සැලකූ කළ මහා භාණ්ඩාගාරය විසින් වෙනමම පියවනු ලැබ ඇති අධිපතිවරයාගේ බිල් වල මිල ගණන් සොච්චමකි.
මේ නම් ආන්ඩුවකට දරා ගත නොහැකි මුට්ටියේ පතුල තෙක් සූරනු ලැබීමක් වැනි අභාග්‍ය සම්පන්න ආයෝජනයකි.
සත පහක් නොවටිනා ‘බොන්ඩ් මහේන්ද්‍රන්‘ ගේ කොන්ත්‍රාත් කාලය මේ මස අගදී අහවර වීමට නියමිතය. රනිල්ට ඔහු තබා ගැනීමට අවශ්‍ය විය හැකි වුවද ප්‍රගතිගාමී මහජනතාවට එවැන්නක් අවශ්‍ය නැත.
ඒ අන් කිසිවක් නිසා නොව බොන්ඩ් ප්‍රශ්නය ඇදී ආ අවස්ථාවේදී රනිල් වෙනුවෙන් බෙල්ල දෙන්නට ආ සුජීව සේනසිංහ විසින් කරන ලද ප්‍රකාශ නිසාය. සුජීව සියළුම ගණු දෙනු සාධාරණය කරමින් කතා කළද විවේචනය කෙළේ එක සිද්ධියකි. එනම් මහ බැංකු අධිපති අර්ජුන් සහ සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධිපති බෑණා එකට ට්‍රෙෂරි බොන්ඩ් ප්‍රශ්නයට පටලැවීම තුල ලබැඳියාවන් අතර ගැටුමක් තිබෙන බව ඔහු පිලිගන්නා බවය.
ඒ එසේ නම් ලබැඳියාවන් අතර ගැටුම පවා නැති කර ගත හැක්කේ ‘බොන්ඩ් මහේන්ද්‍රන්ට‘ ටටා කීමෙන් පමණි.
---------------------------
by (2016-06-03 05:36:53)
Original James Bond and our own counterfeit ‘Bond Mahendran’ the dandy who spends Rs. 1.2 million on dress ..!!
http://54.86.146.54/news/1390/en

Arjun_mahendran1_LeN_03.06.2016 (Lanka-e-News -04.June.2016, 11.45PM) ‘James Bond’ was the original character that was produced in England ,who using expensive technology not only trailed the crooks and the corrupt but also brought the criminals before the law . He was a character promoted to the fore by the people of England during the last two generations.
Believe it or not such a character , though counterfeit has sprung up in our midst in Sri Lanka ! He is also a “Bond” who deserves a better name “Games Bond’ because unlike original James Bond this counterfeit ‘Games Bond’ enjoys playing frolicsome games at the expense of People’s funds and to the detriment of the country’s economy.. By name he is ‘Bond Mahendran’ though his original name is Arjun Mahendran. He became known as ‘Bond Mahendran’ not as an investigator but rather as a criminal . Believe it or not , this criminal ‘Bond’ of SL is none other than the present governor of the Central Bank.
This name was fastened on him because, when treasury bonds were being issued by Central Bank , he gave preferential treatment to his son in law and caused a loss of about Rs. 2 billion (Rs. 2000 million!) to the SL government.
A section of the UNP of the government swore solemnly that such a loss did not occur , but truly owing to this treasury bond issue ,at the elections held on August 17 th 2015 , the UNP at least lost 8 to 10 M.P. posts Island wide. This was because the pro MaRa opposition made this “Bond issue” a most valuable weapon and wielded it well to criticize and castigate the government.
Pythogoras
Arjun Mahendran is a bosom pal of P.M. Ranil Wickremesinghe for a long period.. Hence Ranil thinks Arjun Mahendran is the modern Pythogoras , and there is n’t a greater economic or financial wizard or ‘ deal expert among those living in this whole wide world. Therefore he tells even the professors to go to Pythogoras alias ‘Pythia Gura’ (mad mentor) to learn whatever they wish to.
After Ranil became P.M. under the good governance he got down Pyhtogoras alias Pythia Gura alias Arjun Mahendran from Singapore. During the 100 days program of the interim government Arjun Mahendran faced charges having been incriminated in a Rs. 2 billion investment fraud involving public funds. Though he was reborn as ‘Bond Mahendran’ in paradise, he could not lead the country towards that destination – not even close by to paradise !
By now it is very clear ‘Bond Mahendran’ knows only ‘filthy lucre deal science’ and not ‘Financial administration science.’ The failure to understand what the Central Bank needs is somebody who knows Financial administration science and not a filthy lucre wheeler dealer, is most deplorable.
If Bond Mahendran truly knows financial management well , he would not gobble up the resources of his motherland while knowing well the dire economic plight and predicament of the country . Bond Mahendran’s ruthless and reckless annual gobbling up of pubic funds are hereunder.
The credit card account figures of Bond Mahendran between 28 th February 2015 and 31 st December is a good illustration.
The amount spent by Bond Mahendran during this period through the credit card alone is Rs. 18 million! These are the profligate expenditures on his entertainments, dresses, eating and drinking , lodging and jaunts within the country. All these payments through his credit card are reimbursed by the Central Bank.
The post of Central Bank Governor carries with it many perks, privileges and benefits .Because the Credit card is made available to him based on the superior position he holds (which limit he raised of his own accord ) he could have explained himself on the right he has to spend, but to his dismay ,now there are only a few who would listen to and accept those bhailas ,despite the fact Bhaila singers may have multiplied at present.
It is learnt the Central Bank has so far only reimbursed him Rs. 14.5 million on his credit card claim of Rs. 18 million. According to that , the Central Bank has paid Rs. 1.4 million monthly to the Central Bank governor .
It is a pertinent question at this juncture ,are the people mad to spend such colossal amounts of pubic funds to sustain and maintain such an individual who acknowledged and accepted liability on the infamous treasury bond deals ; and who deliberately refused to reveal his salary ?
The huge amount of money this Bond Mahendran wastes on clothes and dresses to dandify himself is common knowledge among a great many. Based on his credit card disbursements , the amount of money he wasted on one set of clothes during his tour of Singapore in 2015 is nearly Rs. 1.2 million ! which amount was reimbursed by the Central Bank.
Another unbelievable expenditure area of his are the colossal amounts spent on his lodging. Much more rudely shocking is the Central Bank paying back to Bond Mahendran the charges of the rooms which were reserved for him to officially attend an International monetary and world bank annual conference in Peru which Bond Mahendran did not attend.
It is the sum of Rs. 2 million spent by the Central Bank Governor on clothes and dresses during his scandalous chapter covering ten months that has attracted the attention.
The level of his expenditure towards entertainment stands at Rs. 2 million while the expenditure towards food and drinking stands at Rs. 2.5 million only. His expenditure towards his travelling within the country alone is Rs. 600,000.00 ! When the General Treasury compared this profligate expenditure of Bond Mahendran with his other expenditure bills, those were trifling.
In other words , the Central Bank governor responsible to give of his best for the country, and look for ways and means to clog wastages and to re build the motherland’s economy , has been recklessly and unconscionably indulging his champagne taste on the toddy income of the poverty stricken motherland.
Sadly, he is an ‘investment’ that is raking the bottom of the State coffers much more than the government can bear. The contract of Bond Mahendran which had not been worth a cent from the very outset is due to end this month. Though Ranil might have need to retain him , the progressive minded people want to discard him at the first opportunity, treating him like good riddance of bad rubbish (GROBR)
This is because of a statement made by Sujeewa Senasinghe who was prepared to even give up his life on behalf of Ranil , when the Bond issue sprung up. Sujeewa justified all the transactions except one in respect of which he was critical . That is , Sujeewa accepted that in the treasury bond transaction involving Central Bank Governor and his son in law who is the governor of Perpetual Treasuries Co. there is an issue of conflict of interest .
If that is so, this conflict of interest issue can only be resolved by saying ‘goodbye’ to Bond Mahendran himself.
---------------------------
by (2016-06-04 22:24:46)
Govt. in crisis: Dinesh Weerakkody as CB governor?
- Jun 16, 2016
http://lankanewsweb.net/news/item/3333-govt-in-crisis-dinesh-weerakkody-as-cb-governor

MahendranArjuna_LNW_16.06.2016
Several top UNP figures have proposed to prime minister Ranil Wickremesinghe that instead of extending the term of Central Bank governor Arjun Mahendran, economist Dinesh Weerakkody, son-in-law of minister John Amaratunga, should be appointed to the position.
Some in the government openly campaign against extending Mahendran’s term, and it would not be good for the health of the government to ask the president to reappoint him, they have explained to the PM.
However, the PM insisted Mahendran should remain, noting that even the courts have recognized that the allegations against him were completely false.
He described the campaign to expel the CB governor as a political project against him, and alleged certain persons banished from the UNP were leading that conspiracy.
Minister Lakshman Kiriella said on June 14 there would be no change in the CB governor position, but on the following day cabinet spokesman Rajitha Senaratne said he strongly opposed giving an extension for Mahendran.
- SLM -
අර්ජුන, එරාන්, රනිල් සහ දූෂිත මහ බැංකු අධිපති ගෙදර යැවූ සර් ජෝන්
June 17, 2016 | Filed under: සිංහල | Posted by:
https://www.colombotelegraph.com/index.php/uvindu-kurukulasuriyajune-17-2016/

Uvindu-Kurukulasuriya-Colombo-Telegraph-colomboTelegraph_17.06.2016_1
උවිඳු කුරුකුලසූරිය
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් ගේ ක්‍රියා කලාපය පසුගිය අවුරුද්දේ මුල පටන් ලංකාවේ ජනයා අතර ජනප්‍රිය මාතෘකාවකි. ඒ බැඳුම්කර හෙවත් “බොන්ඩ්” නිකුතුවේදී සිදුවී ඇතැයි කියනු ලබන මහා පරිමාණ වංචා හේතු කොට ගෙනය. “තමුසෙල බොන්ඩ් ගැන දන්නවද? තමුසෙලා දන්නෙ ජේම්ස් බොන්ඩ්” ගැන යයි කියමින් මේ ගැන ප්‍රශ්ණ කළ තම පාර්ලිමේන්තු සගයින්ට සමච්චල් කල අගමැති රනිල් වික්‍රමසිංහ මේ ගැන පරීක්‍ෂා කිරීමට සිය මිතුරන් ගෙන් සම්න්විත නීතිඥ කමිටුවක් දමා, “ඔහුගේ කමිටු දැමීමේ” කපටි න්‍යාය ක්‍රියාවයේ යොදවමින් ප්‍රශ්ණයෙන් පැන යන්නට උත්සාහ කළේය. අද වනවිට “බොන්ඩ්” කෙරුවාවෙන්ම තමන් ගේ “මිස්ටර් ක්ලීන්” ලෝගුව ගැලවී යාමට නියමිතව තිබුනද, මේ කෙටි සටහන ලියන මොහොතේ පවා ඔහු මහේන්ද්‍රන් ආරක්‍ෂා කිරීම නවතා දමා නැත.
මහේන්ද්‍රන්ගේ අරාක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින අනෙක් අය ගැන මගේ කිසි ලැදියාවක් නැතත්, එරාන් වික්‍රමරත්න වැනි අවංකභාවය පිළිබඳ රටේ නමක් දරා ඇති කෙනෙකු මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටීම මා තිගැස්සීය. මේ කෙටි සටහන ලියවෙන්නේ එම තිගැස්ම නිසාවෙනි.
රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් එරාන් පෙන්වා දුන්නේ මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඇති කිසිම චෝදනාවක් තවම ඔප්පුවී නැතිබවය. එම නිසා ඔහු මේ මොහොතේ ඉවත් කිරීම සාධාරණ නොමැති බවය. මෙය බැලූ බැල්මට ශක්තිමත් තර්කයක් ලෙස පෙනුනද දුර්වල තර්කයකි. චෝදනා තිබේ නම් මුලින්ම කළ යුත්තේ විභාගයක් අරඹා විභාගය අවසන් වනතෙක් වැඩ තහනම් කිරීමය. මේ පිළිබඳ මහ බැංකු අධිපතිවරයෙක් සම්බන්ධයෙන්ම යහපත් පාලනය නොහොත් “යහපාලනය” සංකල්පයක් ලෙස මෙතරම් සාකච්ඡාවට බඳුන් නොවූ කළක එක්සත් ජාතික පක්‍ෂ අගමැතිවරයෙකු යටතේම පූර්වාදර්ශයක් තිබේ.
සර් ජෝන් කොතලාවල

John-Kotelawala-ColomboTelegraph_17.06.2016
“අගමැතිවරයෙකුගේ ජීවිත කතාව” නමින් සිය ස්වයං චරිතාපදානය ලියූ සර් ජෝන් කොතලාවල මෙසේ ලියයි; “ලංකා මධ්‍යම බැංකුවේ පාලකයා ඉවත් කිරීම, මා අගමැති තනතුරට පත්වූ පළමුවන වර්‍ෂය තුළ දී සිදුවූ තවත් වැදගත් සිද්ධියකි. ඔහුගේ සමහර කටයුතු ගැන කොමිෂන් සභාවක් මගින් පරීක්‍ෂණයක් පවත් වන තුරු මේ නිලධාරියාගේ වැඩ තහනම් කළ යුතු බව මම යෝජනා කළෙමි. මෙය සිදුවූයේ 1954 ජූලි මාසයේ ය. සර් ඔලිවර් ගුණතිලක ලංකාවේ ආණ්ඩුකාර තනතුරට පත්කළ යුතු බවට තීරණය කර තිබුණේ මීට මාස කීපයකට කලින් ය. ලංකා මහ බැංකුවේ පාලකයාගේ වැඩ තහනම් කිරීමත් සමඟ සර් ඔලිවර්ගේ ගෞරවයට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ද ආරම්භ විය. කිසියම් වරදක් කළ බවට සැලකිය යුතු සාක්‍ෂි තිබේ නම් කවර තරාතිරමක නිලධාරියෙකුට වුවද විරුද්ධව කටයුතු කිරීමට මගේ පැකිලීමක් නැත. එහෙත් උසස් තනතුරුවල සිටින, මහජන ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයින් ගේ ඇඟේ මඩ තැවරීම සඳහා ගෙන යන නිවට ව්‍යාපාරවලට අවනතව කිසිම පියවරක් ගැනීමට ලැහැස්ති නැති බව මම පැහැදිළි කළෙමි. ලංකා මහ බැංකුවේ ප්‍රධානියා ගෙන තිබුණ සමහර පියවරයවල් ගැන පරීක්‍ෂා කිරීමට කොමිෂන් සභාවක් පත්කර තුබුණ පළියට ආණ්ඩුකාර තනතුරට සර් ඔලිවර් ගේ පත්වීම පමා කරන්නේ මන් දැයි මම ප්‍රශ්ණ කළෙමි.
උසස් නිලවලට පත්වී සිටින පුද්ගලයින්ට විරුද්ධව ඉතාම දරුණු චෝදනා ඉදිරිපත් කිරීම අපේ ජනතාව අතර දක්නට තිබෙන එක් දුර්වල කමකි. එහෙත් මේ චෝදනා ඔප්පුවී කිසිවෙකු දඬුවම්වලට මුහුණ පා සිටින විට, යුක්තිය අමතකවී අනුකම්පාව මතුවීම තවත් අපේ දුර්වලතාවයකි. ඒ නිසා සමහරවිට චෝදනා ඉදිරිපත් කරන පුද්ගලයෝ පවා එම චෝදනා ඔප්පුවීමෙන් දඬුවම් ලබන අය නිදහස් කිරීමට ද වෙහෙසෙති.
ලංකා මහ බැංකුවේ පාලකයා ගැන ද පැන නැගුනේ මෙවැනි තත්ත්වයකි. ඔහුට විරුද්ධව නොයෙකුත් කට කතා අසන්නට ලැබිණ. මේ ගැන විමසා බලන්න්නට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ඔහුට හිතකර නොවීය. මේබව දැනගත් රාජ නීතිඥයන් බවට පත්වී සිටි උසස් නීතීඥවේදීන් තිදෙනෙක් මා හමුවට පැමිණියාහ. තම වරදට දඬුවම් ලැබීමට යන බැංකු පාලකයා වෙනුවෙන් ඔවූහු පෙනී සිටියහ. එහෙත් මෙදා ඔවුන් පෙනී සිටියේ ගාස්තුවක් සඳහා නොවන බව ඔවූහු පැහැදිළි කළහ. මේ අය පැමිණ සිටියේ රට වෙනුවෙන් මගෙන් ඉල්ලීමක් කිරීමටය. රාජ්‍ය සේවාවේ ගෞරවය සලකා කොමිෂන් සභාවේ වාර්තාව පළ නොකරන ලෙසත් මහ බැංකුවේ පාලකයා සෙවයෙන් පහ නොකර, ඔහුට ඉල්ලා අස්වීමට ඉඩ දෙන ලෙසත් ඔවූහු ඉල්ලා සිටියහ.
මා ඔවුන්ගේ අවවාද පිළිගත යුතුද නැද්ද යන්න ගැන මට උපදෙස් දීමට මේ නීතීඥයන් කැමති නම් ඊට ගාස්තුවක් ගෙවීමට මා ලැහැස්ති බව මම එක් නීතීඥයෙකුට කීවෙමි. එහෙත් හේ ඊට පිළිතුරක් නොදුන්නේය. මට නීතීඥගේ උපදෙස් අනවශ්‍ය බවත්, මගේ නීතීඥයා වශයෙන් කටයුතු කිරීමට තරම් ශක්තියක් මට තිබෙන බවත් මා සඳහන් කළ විට ඔවූහු නිහඬ වූහ. කිසියම් චෝදනාවක් ගැන කොමිෂන් සභාවක් පත්කොට කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කළායින් පසු, එය පළ නොකිරීම කොතරම් අඥාන පියවරක් දැයි මා කිව යුතු නොවේ. එවැනි පියවරක් ගැනීමට මම කිසිසේත්ම නොකැමති වීමි” ( පිටු 294, 265, 296 සහ 297)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා එන්. යූ. ජයවර්ධනය. ඔහු හා ඔහුගේ බිරිඳ ජී. එම්. ජයවර්ධනගේ කල්ක්‍රියාවන් සයා බැලීමට පත්කළ කොමිසමෙන් වරද කරුවූ ජයවර්ධනව අගමැති සර් ජෝන් විසින් ගෙදර අරිනු ලැබීය.
මා මීට වසර ගණනාවකත පෙර රාවය පුවත්පතට බර්නාඩ් සොයිසා ගැන ලියූ ලිපියකින් පෙන්වාදුන් පරිදි, SP XX 1954 කොමිෂන් සභා වාර්තාව අනුව බලය අයුතු ලෙස භාවිතා කරමින් තමාගේ සහ තම පවුලේ සුඛවිහරණය වෙනුවෙන් ස්වකීය තනතුර උපයෝගී කරගත් එන්.යු ජයවර්ධන ආරක්‍ෂා කිරීමට නොහැකි වුවද, කිසිදා වැරදි, වැරදිකරුවන් ආරක්‍ෂා නොකළ සමසමාජ පක්‍ෂයටද කලු පැල්ලමක් එක් කරමින් බර්නාඩ් පාර්ලිමේන්තුවේදී එන්. යූ. ආරක්‍ෂා කළේය. ඒ කුලය හේතුවෙනි. (පක්‍ෂ භේදයකින් තොරව, බර්නාඩ් කොළඹ දුරාව කුලයේ දේශපාලන නායකයා වනවිට එම කුලයෙන් රජ්‍ය සේවයේ ඉහළම තනතුරකට පත්වූ පුද්ගලයා එන්. යූ. ජයවර්ධන විය. එන්. යූ. පසුව දුරාවේ කුලයේ ව්‍යාපාරික පංතියේ නායකයා විය)
මේ ආණ්ඩුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ එන්. යූ. ජයවර්ධනට අත්වූ ඉරණමින් එම තනතුරට පත් ප්‍රථම සිංගප්පූරු ජාතිකයාවන අර්ජුන මහේන්ද්‍රන් ගලවා ගනිමින් යහපත් පාලනය පිළිබඳ සංකල්පය රටේ ජනතාව තුල විහිලුවක් බවට පත්කරයිද? කුමන පක්‍ෂයක් රට පාලනය කලද දීර්ඝ කාළයක් “යහපත් පාලනය” පිළිබඳ අරගල කළ ජනතාව මේ දිනවල ප්‍රශ්ණ කරනුයේ එයයි. එරාන් වික්‍රමරත්න වැන්නන් හෘදය සාක්‍ෂියට අනුව කටයුතු කළ යුත්තේ ඒ ජනතාව වෙනුවෙනි.
අර්ජුන මහේන්ද්‍රන්ගේ ප‍්‍රශ්නය: රනිල්ගේ සුපිළිපන්භාවය පරදුවට
June 17, 2016 | Filed under: සිංහල | Posted by: COLOMBO_TELEGRAPH
https://www.colombotelegraph.com/index.php/malinda-seneviratne-june-17-2016/

මාලින්ද සෙනෙවිරත්න
Malinda-Seneviratne-ColomboTelegraphe-17.06.2016
මේ දිනවල හැමෝම පාහේ පාවිච්චි කරන මුත් ඔවුන් පවා මීට කලකට ඉහත අසා නොතිබුණු සහ අවබෝධ කරගෙන නොතිබුණු එක් යෙදුමක් තිබේ. ඒ, යහපාලනය යන්නයි. මේ දිනවල බහුලව පාවිච්චි වෙන මුත් මීට පෙර අසා නොතිබුණු සහ හරි අවබෝධයක් නොතිබුණු තවත් වචනයක් තිබේ. ඒ, බැදුම්කර යන්නයි.
මේ යෙදුම් දෙක සම්බන්ධයෙන්ම වන දැනුම සහ ඒ ගැන වර්තමානයේ ඇති හුරුව කෙසේ වෙතත්, ඒ යෙදුම් දෙක ගැනම ඉඳුරා කිව හැකි දේවල් තිබේ. උදාහරණයක් වශයෙන්, යහපාලනය කෙරෙහි මේ ආණ්ඩුව බරසාරව සැලකිලිමත් වන බවක් පෙනෙන්ට නැත. මන්ද යත්, එය ඒ තරමට උල්ලංඝණය කෙරෙන බැවිනි. බැදුම්කර සම්බන්ධයෙන් ගත් විට, මහ බැංකු අධිපතිවරයා ඇතුලු ඊට අදාළ ප‍්‍රධාන පුද්ගලයන්ගේ සුපිළිපන්භාවය පිළිබඳ ප‍්‍රශ්න මතු වී තිබේ.
අර්ජුන මහේන්ද්‍රන් දැන් සැකයට භාජනය වී සිටී. එය බරපතල සැකයකි. ඔහුව එම තනතුරින් ඉවත් කරන්නැයි ඉල්ලීම් නැගේ. ඔහුව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින ඇතැමුන්ගේ අභිප‍්‍රායයන්, ඔහු කළා යැයි කියන අක‍්‍රමිකතාවන්ට කිසි විදිහකින් සම්බන්ධ නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම, පසුගිය රජය සමයේ මෙවැනිම හෝ මීට සමාන අක‍්‍රමිකතාවන්හි සෘජුව හෝ වක‍්‍රව යෙදුනවුන් හෝ එවැනි දේවල් එදා අනුමත කළ අය වශයෙන් අද මේ ගැන කතා කිරීමේ සදාචාරමය අයිතියක්ද ඔවුන්ට නැති බව පැහැදිළි ය. එහෙත් එසේ වූ පමණින්, අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් මතු වන චෝදනා ඉවතලෑමේ පුලුවන් කමක් නැත. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ ‘මිත්‍ර’ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව අනුව බැලුවත්, ඔහුට සේවා දිගුවක් දීමේදී, අඩු වශයෙන් පරිස්සම් විය යුතුව තිබේ.
තවත් සාධක ගණනාවකි. මේ ක‍්‍රියාවලියෙන් ලොකුම ලාභය ලැබුවේ, මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන ඇලෝසියස් මහේන්ද්‍රන් ය. එවැනි ලාභයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙන පරිද්දෙන්, මහ බැංකුව විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තීරණ ගැන මොහු කල් තියා දැන සිටින්ට ඇතැයි යන අඩමානය විමර්ශන කමිටුව සඳහන් කොට තිබේ. එහිදී ලංකා බැංකුව ඔහුගේ වරද සහායකයෙකු වන්නට ඇති බවත් කියන විමර්ශන කමිටුව, ඒ ගැන වැඩි දුර විමර්ශනයක් සිදු කරන ලෙස උදක්ම නිර්දේශ කෙළේය.
අර්ජුන් ඇලෝසියස් එක රැුයකින් ප‍්‍රකෝටිපතියෙකු වුණේ කෙසේද? මහබැංකුවේ බැඳුම්කරවලින්.
ඒවා නිකුත් කළ මහ බැංකුවේ අධිපතිවරයා කවුද? ඔහුගේ මාමණ්ඩිය.
දැනට හිස් තැන් සහිත තවත් සම්බන්ධතා තිබේ. ඒවා පසුව පිරවෙනු ඇත. තවත් එවැනි සම්බන්ධයක් තිබිය හැක්කේ ඇලෝසියස් සහ මුදල් ඇමති රවි කරුණානායක අතරයි. ඔවුන් ඉතා කිට්ටු මිතුරන් ය. දැන් ‘සිරස’ රූපවාහිනී නාලිකාවේ ‘ෆේස් ද නේෂන්’ වැඩ සටහනට සහභාගී වෙමින් මුදල් ඇමති රවි කරුණානායක කී දේවල් ඇසුරින්, නම හෙළි නොකරන ඔහුගේ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු, ‘කලම්බ් ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට මෙසේ ලියයි: ‘බැඳුම්කර නිකුතුවෙන් සිදු වූ පාඩුව ගැන මුදල් ඇමතිවරයා නොදන්නා පාටයි’. එය ඇත්තක් වුවත් නැතත්, මේ මාර්ගයෙන් තමාගේ මිත්‍රයාට සැලසුණ අති විශාල ලාභය පිළිබඳව මුදල් ඇමතිවරයා දන්නවාට සැක නැත.
මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින හෝ ඔහුගේ ‘අවිහිංසකත්වයක්’ ගැන පාරට්ටු කරන කිසිවෙකු අද මහ බැංකුවෙන් සොයාගත නොහැක. ජනාධිපතිවරයා ඔහුව ඉවත් කරන්නැයි ඉල්ලා තිබේ. කරුණානායකගේ කැබිනට් සගයන් කිහිප දෙනෙකුද එයම ඉල්ලා තිබේ. මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට වෙහෙස වූ බොහෝ දෙනාද එම ඉල්ලීමම කරති. මේ සම්බන්ධයෙන් අගමැතිවරයා කෙරෙහි මේ අවස්ථාවේ එල්ල කෙරෙන පීඩනය සුළුපටු නොවේ.
සිදු වී ඇති වරද අගමැතිවරයා විසින් නිහතමානීව පිළිගන්නා තැනට වගබලා ගත යුතු යැයි සිතන පිරිස් සිටිති. මේ කාරණයේදී, තිරසාර තීරණයක් ගනිමින්, මෙතෙක් ඔහු ගැන රටේතොටේ කතා කෙරෙන සුපිළිපන් භාවය පිළිබඳ කීර්තිය ආරක්ෂා කර ගනිමින්, වඩාත් ශක්තිමත්ව නැගී සිටීම සඳහා ඔහු යොමු විය යුතුව තිබේ. විරෝධතාවන් හෝ බලය පෙන්වීම ඉදිරියේ පහසුවෙන් නොනැමෙන පුද්ගලයෙකු වශයෙන් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධ ය. තමා නිවැරදි යැයි විශ්වාස කරන දෙයක් වෙනුවෙන්, එය මොන තරම් ජනප‍්‍රියත්වයෙන් හීන වෙතත්, පෙනී සිටීම ගැන ඔහු ප‍්‍රසිද්ධ ය. එසේම, පුද්ගලයන්ට වඩා පද්ධති කෙරෙහි විශ්වාසය තබන්නෙකු වශයෙන්ද ඔහු ප‍්‍රකට ය. ආයතනික ප‍්‍රතිසංස්කරණ ගැන ඔහුගේ විශාල උනන්දුවක් ඇත්තේ එබැවිනි. තුලන සහ සංවරණ කෙරෙහි ඔහු විශ්වාසය තබයි.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ ඔහුගේ අගමැති ධුර කාලයේදීය. (එය ඉදිරිපත් කෙළේ ජනතා විමුක්ති පෙරමුණ වීම වෙනම කාරණයකි), ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී 18 වැනි සංශෝධනය අවලංගු කරමින්, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපනය කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනුණේද ඔහු අගමැතිවරයා වශයෙන් සිටින වර්තමාන ආණ්ඩුව විසිනි. අර්ජුන මහේන්ද්‍රන් දැනට දරණ ස්ථානය වැනි තනතුරකට තමාට පක්ෂපාතී හෝ තමාට හිතවත් මිත‍්‍රයන් පත්කර ගැනීමට බැලීමේ අනුවණ කම ඔහුට වැටහිය යුතුය. මීට කලින් හිටපු මහ බැංකු අධිපතිවරයා දේශපාලන පත්වීමක් ලද්දෙකි. එවැනි පත්වීම්වලට මේ පාලකයෝ එදා විරුද්ධ වුහ. අර්ජුන මහේන්ද්‍රන්ට සුදුසුකම් ඇති බව ඇත්ත. එහෙත් වැරදි පුර්වාදර්ශයක් ඔහුගෙන් සැපයිය යුතු නැත. බැඳුම්කර නිකුතුව පිළිබඳ ප‍්‍රශ්නය එවැන්නකි. මහ බැංකුවේ සේවය කරන සුදුසුකම් ලත් සහ පළපුරුද්ද සහිත ඉහළ පෙළේ නිලධාරීන්ව පසුගිය ආණ්ඩුව විසින් මේ තනතුර සඳහා ගණන් ගැනුණේ නැත. නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට පත් කෙරුණේ එබැවිනි. එය නරක පුර්වාදර්ශයක් විය. හැකියාව සහ ජ්‍යෙෂ්ඨත්වය මත ඒ තනතුර සඳහා පෝලිමේ සිටි තවත් නිලධාරීන්ට එය අසාධාරණයක් විය. මහේන්ද්‍රන් තරමේම හැකියාවෙන් යුත් වෙනත් කිසිවෙකු මහ බැංකුවෙන්වත්, වෙනත් කිසි බැංකුවකින්වත් සොයා ගැනීමට නැතැයි කීමේ හැකියාවක් අගමැතිවරයාට නැත. වෙනත් අයට නැති, ඔහුට ඇති විශේෂ සුදුසුකමක් වන්නේ, ‘විශ්වාසය’ විය හැක. එහෙත්, අගමැතිවරයා වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට දැන් ඔහු අපොහොසත් වී ඇත්තේද එයමයි.
රටේ සමස්ත ජනතාවටත්, ආර්ථිකයටත් තීරණාත්මක විය හැකි තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමේදි යළිත් වරක් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමේ මොහොත පැමිණ තිබේ. මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම කෙරෙහි ‘ව්‍යවස්ථා සභාවට’ බලයක් නැති වීම අවාසනාවන්ත ය. එම පත් කිරීමේදී කරුණු සොයා බැලීම සඳහා අනුගමනය කෙරෙන විධිමත් ක‍්‍රියාවලියක් ද නැත. ආයතනික සැකසුම අගමැතිවරයා විසින් දැන්වත් පිළිසකර කළ යුතුය. එම තීරණය සඳහා මහේන්ද්‍රන්වත්, ඔහුගේ අතින් සිදුවිය හැකිව තිබුණු යම් අක‍්‍රමිකතාවක්වත්, මෙහිදී අදාළ නැත. ඊට අදාළ කර ගත යුත්තේ, පිරිසුදු, විනිවිද පෙනෙන, සදාචාරමය වශයෙන් පෙනී සිටිය හැකි බඳවා ගැනීමේ පරිපාටියක් සහිත ශක්තිමත් ක‍්‍රම පද්ධතියක් ඇති කිරීම කෙරෙහි පවතින අවශ්‍යතාවයි.
මහේන්ද්‍රන්ව නැවත පත් නොකළොත්, එය තමන්ගේ ජයග‍්‍රහණයක් වශයෙන් ගෙන, එයින් පටු දේශපාලනික වාසි ලබා ගැනීමට ඇතැමෙකු දතකට මැදගෙන බලා සිටින බවට සැක නැත. එහෙත් අනිත් පැත්තෙන්, යහපාලනික ප‍්‍රතිපත්ති පිළිබඳ දැඩි අවධාරණයක් යොදමින්, නිර්භය සහ අත්‍යාවශ්‍ය තීරණයක් වෙනුවෙන් පෙනී සිටීම ඉදිරියේ, එවැනි පිරිස්වල බලය දියාරු වී යනු ඇත. එය, ජනතා මතයට කන් දීමක් වශයෙන්ද ගෙනහැර දැක්වීමේ හැකියාව අගමැතිවරයාට තිබේ. මහ බැංකු අධිපතිවරයා සහ ගෙවුම්කර නිකුතුව සම්බන්ධයෙන් මේ වන විට අගමැතිවරයාගේ සුපිළිපන් භාවය පිළිබඳව මතු වී ඇති සියලූ සැකසාංකා ඒ මගින් දුරු කිරීමේ හැකියාවත් ඔහුට ලැබෙනු ඇත.
*2016 ජුනි 15 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Arjuna Mahendran Issue: Ranil’s Credibility At Stake” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ |