World-Powerful-Countries-Against-China-s-Coronavirus

World Powerful Countries Against China's Coronavirus - Des pays puissants contre le Coronavirus Chinois

 

!! CRUEL STUPID PLOITICS OF RAJAPAKSA REGIME !! ON-2020 !! Cruelle politique stupide de RAJAPAKSA REGIME ::

( CLICK HERE :: CLIQUEZ ICI )

 
 

2020-VERY IMPORTANT DECLARATIONS OF AHFESL-FRANCE

(AGAINST CRUEL POLITICS OF SRI LANKA)

Très important Declarations de Ahfesl-France (Conte Cruelle politique de Sri Lanka)

CLICK HERE :: CLIQUEZ ICI

 
 

!! THE SECRETS OF STATE'S SRI LANKA ON CORONAVIRUS ARE VERY DANGEROUS !! - !! LES SECRETS D'ÉTAT DU SRI LANKA SUR CORONAVIRUS SONT TRÈS DANGEREUX !! - !! කොරොන වයිරස් පිළිබඳ ශ්‍රී ලංකා රජයේ රහස් ඉතා අනතුරුදායක වේ !!

CLICK HERE :: CLIQUEZ ICI

25.04.2020 - ඇමරිකානු මිසූරි ප්‍රාන්ත ආණ්ඩුවත් කොරෝනා වසංගතය වෙනුවෙන් චීනයට එරෙහිව නඩු පවරයි

කොරෝනා වසංගතය ගැන අතිශය වැදගත් තොරතුරු වසන් කර මහජනතාව රැවටුවා; ලෝකයාට ආපසු හැරවිය නොහැකි හානියක් කළා -ඇමරිකානු මිසූරි ප්‍රාන්ත ආණ්ඩුවත් චීනයට එරෙහිව නඩු පවරයි
ජාත්‍යන්තරයට බොරු කියන රටවලට මුක්තිය අහිමි කරනවා..

https://www.lankaenews.com/news/10645/si



US-Misoori-Law-Suit-against-China-25.04.2020


(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.25, ප.ව.8.30) තොරතුරු යටපත් කිරීම, රහසිගත තොරතුරු හෙළි කරන්නන් අත්අඩංගුවට ගැනීම, සහ ජීවිත හානිවලට තුඩු දුන් සහ ගෝලීය වශයෙන් රට රාජ්‍යවලට “ආපසු හැරවිය නොහැකි හානියක්” සිදු කළ කොරෝනා වයිරසයේ බෝවන ස්වභාවය ප්‍රතික්ෂේප කිරීම බීජිං විසින් සිදු කළ බවට චෝදනා කරමින් චීනයට එරෙහිව නඩු පැවරූ පළමු එක්සත් ජනපද ප්‍රාන්ත රාජ්‍යය බවට මිසූරි පත්විය.

චීන රජය, පාලක චීන කොමියුනිස්ට් පක්ෂය, සහ අනෙකුත් චීන නිලධාරීන් සහ ආයතනවලට එරෙහිව මිසූරි නීතිපති එරික් ෂ්මිට් විසින් මිසූරි ප්‍රාන්තයේ නැගෙනහිර දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ මෙම නඩුව ගොනු කර ඇත.

චෝදනා බරපතලයි...
Covid-19 ආරම්භක ව්‍යාප්තියේ තීරණාත්මක සති කිහිපය තුළ දී චීන බලධාරීන් විසින්, අනවශ්‍ය හා වළක්වා ගත හැකි ගෝලීය වසංගතයක් ඇති කරමින්, මහජනයා රැවටීම, අතිශය වැදගත් තොරතුරු යටපත් කිරීම, රහස් හෙළි කරන්නන් අත්අඩංගුවට ගැනීම, මිනිසුන්ගෙන්-මිනිසාට සම්ප්‍රේෂණය වන බවට පැහැදිලි සාක්ෂි තිබිය දී එය ප්‍රතික්ෂේප කිරීම, අතිශය වටිනා වෛද්‍ය පර්යේෂණ (වාර්තා) විනාශ කිරීම, මිලියන සංඛ්‍යාත ජනතාවකට වෛරසයට නිරාවරණය වීමට ඉඩ දීම, සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) සැඟවීම පවා සිදු කළ බවට මෙම නඩුව චෝදනා කරයි.

“අසනීප, මරණය, ආර්ථික කඩාකප්පල් කිරීම්, සහ මිනිසුන්ට දුක් වේදනා ඇති කරමින් Covid-19 ලොව පුරා රටවලට සුව කළ නොහැකි හානියක් සිදු කර ඇත. මිසූරි ප්‍රාන්තය තුළ වෛරසයේ බලපෑමෙන් අතිශයින් අව්‍යාජ - දහස් ගණනක් ආසාදනය වී ඇති අතර බොහෝ දෙනෙකු මිය ගොස් ඇත. මිය යමින් සිටින ආදරණීයයන්ගෙන් පවුල් වෙන්ව ගොස් ඇත. කුඩා ව්‍යාපාරික ස්ථානවල දොරවල් වැසී ඇති අතර, වැටුපෙන් පමණක් ජීවත් වන අය කෑම ටික සපයා ගැනීමට වෙහෙසෙති,” ෂ්මිට් පැවසීය.

 

මිනිසාගෙන්-මිනිසාට බෝ වෙන්නේ නෑ කියා චීනය ලෝකෙටම බොරු කීවා..
"චීන රජය Covid-19 වෛරසයේ භයානකත්වය සහ බෝවන ස්වභාවය ගැන ලොවට බොරු කීවේය, රහස් හෙළි කරන්නන් නිහඬ කළේය, රෝගය පැතිරීම වැළැක්වීමට එතරම් දෙයක් කළේ නැත. ඔවුන්ගේ ක්‍රියාවන්ට ඔවුන් වගකිව යුතුය," ඔහු චෝදනා කළේය.

මෙම නඩුවට අනුව, පසු ගිය දෙසැම්බර් අග වන විට චීන සෞඛ්‍ය නිලධාරීන් සතුව මෙම රෝගය මිනිසාගෙන්-මිනිසාට සම්ප්‍රේෂණය වන බවට බරපතල සාක්ෂි තිබුණි.

මෙම සාක්ෂි තිබිය දීත්, චීන සෞඛ්‍ය නිලධාරීන් දෙසැම්බර් 31 වන දා දක්වා රෝග ව්‍යාප්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) වාර්තා නොකළේය. චීන බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙම රෝගය පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේ දී, එය මිනිසාගෙන්-මිනිසාට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ බව කියැවේ.

රෝගය පිළිබඳ දැනුමක් තිබිය දීත්, චීන නිලධාරීන් එහි පැතිරීම පාලනය කිරීමට එතරම් දෙයක් නොකළ බව ද නඩුවේ සඳහන් වේ.

වසංගතය බෝ වෙද්දී අවුරුදු කෑවා..
නිව් යෝර්ක් ටයිම්ස් විසින් රැස් කරන ලද දත්තවලට අනුව, ජනවාරි 1 වන දින පමණක් පුද්ගලයන් 175,000කට ආසන්න පිරිසක් චන්ද්‍ර අළුත් අවුරුද්ද සඳහා සංචාරය කිරීම පිණිස වුහාන් බලා පිටත්විය. තව දුරටත් ආසාදන ඇතිවීමේ අවදානම නොතකා චීන රජය ද අලුත් අවුරුදු සැමරුම් පැවැත්වීය.

මහජන හිංසනය පිළිබඳ එක් චෝදනාවක්, අසාමාන්‍ය භයානක ක්‍රියාකාරකම් පිළිබඳ එක් චෝදනාවක්, සහ රාජකාරිය උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා දෙකක් සඳහා මේ නඩුවෙන් සහන අයැද සිටී. පිළියම් සඳහා සිවිල් දඬුවම් සහ වන්දි ගෙවීම්, අසාමාන්‍ය ලෙස භයානක ක්‍රියාකාරකම්, දණ්ඩනීය හානි අත්හිටුවීම, සහ තවත් දේ ඇතුළත් විය හැකිය.

බුද්ධි තොරතුරු පිළිබඳ සෙනෙට් තේරීම් කමිටුවේ සාමාජික, සෙනෙට් සභික බෙන් සසේ මෙම නඩුව පිළිගෙන ඇත.

ඒකාධිපතියන් සෑම විටම කරන දේ චීන ජනාධිපති කළා..
"ඒකාධිපතියන් සෑම විටම කරන දේ චීන කොමියුනිස්ට් පක්ෂය සිදු කළා: ඔවුන්ගේ ගැලවීම සඳහා සත්‍යය සැඟෙව්වා. සභාපති ෂීගේ බොරුවලින් ලක්ෂ සංඛ්‍යාත අහිංසක මිනිසුන් මරා දමා ඇති අතර, කිව නොහැකි ආර්ථික හානියක් සිදු වී ඇත," ඔහු පැවසීය.

"සභාපති ෂී වෛද්‍යවරුන් නිශ්ශබ්ද කර, වැදගත් විද්‍යාත්මක දත්ත සඟවා, පෙබරවාරි මැද වන තෙක් සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රවේශය ප්‍රතික්ෂේප කර, කසිකබල් නොවටිනා උපකරණ යුරෝපයට යවා, එක්සත් ජනපදයට දොස් පවරා ඇත. ඇමරිකානුවන් මෙම විනාශකාරී වෛරසය පරාජය කළ පසු, අපි චීනයේ දූෂිත රජය මෙයට වගකිවයුත්තා කරන්නෙමු,” සසේ පැවසීය.

ජාත්‍යන්තරයට බොරු කියන රටවලටත් මුක්තිය ඉවත් කරනවා..
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට හිතාමතාම වැරදි තොරතුරු ඉදිරිපත් කළහොත් චීනය සහ අනෙකුත් රටවල ස්වෛරී මුක්තිය ඉවත් කරන ව්‍යවස්ථාවක් කොන්ග්‍රස් සභිකයින් වන ක්‍රිස් ස්මිත් සහ රොන් රයිට් විසින් පසුගිය සතියේ හඳුන්වා දී ඇති අතර, එමගින් එක්සත් ජනපද පුරවැසියන්ට, ව්‍යාපාරවලට සහ පළාත් පාලන ආයතනවලට Covid-19 වසංගතය නිසා ඇතිවූ මරණ, වේදනාව හා දුක, සහ ආර්ථික අලාභ සම්බන්ධයෙන් එම රජයන්ට එරෙහිව නඩු පැවරීමට ඉඩ ලැබී ඇත.

“මගේ පනත මගින් හිතාමතාම හා අන්තර්ජාතිකව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නොමඟ යවන චීනය, සහ වෙනත් ඕනෑම රටක ස්වෛරී මුක්තිය ගලවා දැමෙන අතර, (ලංකාවේ ආණ්ඩුව දැනටමත් ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරයි) නවතම කොරෝනා වයිරසයේ බරපතලකම හා ස්වභාවය පිළිබඳව චීනය විසින් ලෝකයට වැරදි අර්ථ නිරූපණ ඉදිරිපත් කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානුවන්ට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් චීන රජයට එරෙහිව උසාවියේ නඩු පැවරීමට ඔවුන්ට ඉඩ සැලසෙයි,” ස්මිත් පැවසීය.

චීනය ප්‍රතිවිපාක වලට මුහුණ දිය යුතුයි..
කොරෝනා වයිරස් ගෝලීය වසංගතයට “දැනුවත්ව වගකිව යුතු” නම් චීනය එහි ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු යයි එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සෙනසුරාදා අනතුරු ඇඟවීය.

පසු ගිය වසරේ දෙසැම්බරයේ වුහාන් පළාතේ නවතම කොරෝනා වෛරස් ව්‍යාප්තියේ මූලික තොරතුරු වාර්තා වසන් කරන ලද බව චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

“Covid-19 පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) වාර්තා කළ පළමු රට චීනයයි. එයින් අදහස් කරන්නේ වයිරසය වුහාන් පළාතෙන් ඇති වූ බවක් නොවේ” යැයි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් බ්‍රහස්පතින්දා පැවසීය.

Covid-19 නිසා එක්සත් ජනපදයේ 45,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 824,000 කට අධික පිරිසක් ආසාදනය වී ඇත. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනුව, වෛරසය මගින් පුද්ගලයින් 177,445 ක් මිය ගොස් මිලියන 2.5 කට වඩා ආසාදනය වී ඇත.

-ද ඉකොනොමික්ස් ටයිම්ස්හි 2020 අප්‍රේල් 23 දා පළවූ US State files lawsuit against China on Covid-19 handling නම් ඉංග්‍රිසි ලිපියේ පරිවර්තනයකි-

සිංහලට නැගුවේ - ආනන්ද
---------------------------
by (2020-04-25 15:15:42)

 

අශ්වයන් ගස් නග්ගවා රිලව් දුවන්ඩ දැමූ කොරෝනා මෙහෙයුම..! පවිත්‍රාට සහ නාවික හමුදාවට එරෙහි ගෝඨාගේ කුමන්ත්‍රණයක්..!
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායක ලියයි
https://www.lankaenews.com/news/10642/si


Gota-conspiracy-against-Pavithra-25.04.2020


(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.25, ප.ව.2.35) ශ්‍රී ලංකාව හැරුණු කොට කොරෝනා මර්දනය සදහා හමුදාව යොදා ගත් අනෙක් රට චීනයයි. ලෝකයේ විශාලතම හමුදාව චීනය සතුය. එය සක්‍රීය සේවයේ නියුතු හමුදා සාමාජිකයන් 2,183,000 කින් පමන සමන්විතය. සාමාජිකයන් ගණනින් මෙන්ම සිය අධිකාරිය ක්‍රියාත්මක ක්ෂේත්‍ර ගණනින්ද චීන හමුදාව අසමසමය. චීන හමුදාව වසංගත රෝග විශේෂඥයන්, වෛරස් විශේෂඥයන් සහ ජීව විද්‍යාත්මක ප්‍රහාර පිළිබද පරීක්ෂණ මෙහෙයවන විද්‍යාඥයන් මඩුල්ලකගෙන් පවා සමන්විතය. වසංගත රෝග මැඩලීම සඳහා විශේෂිත පුහුණුව ලද ඒකකය ලක්ෂයකට වැඩි හමුදා පිරිසකගෙන් සමන්විත ය. වසංගත රෝග තත්වයක් මැඩලීමට අවශ්‍ය සියළු තාක්ෂණික උපකරණයන්ගෙන් ඔවුන් සන්නද්ධය. එබෝලා, සාර්ස්, මර්ස් වැනි වසංගත සමග සටන් වැදී දශක දෙකකට වැඩි අද්දැකීම් ඇත. චීන රතු හමුදාව කෝරෝනා මැඩලීමේ ඉදිරි පෙළ මෙහෙයුම සඳහා දායකත්වය දුන්නේ එවැනි පසු බිමක් තුලය. ( කියවන්න සවුත් චයිනා මෝනින් පොස්ට් ලිපිය How China’s military took a frontline role in the coronavirus crisis )

වඳුරු ආරක්ෂකයා සහ රං ගොජා..
ලංකාවේ හමුදාවට වසංගත රෝග මැඩලීම ඒකකයක් තියා එවැනි පුහුණුවක් ලද හමුදා සාමාජිකයෙකුවත් සිටියේ නැත. වසංගත මැඩලීමේදී භාවිතා කරන අධිතාක්ෂණික උපකරන තියා, අත් වැසුම්/මුහුණු ආවරණ වැනි මූලික උපකරණවත් නොතිබුනි. වෛරස් විශේෂඥයන්, විද්‍යාඥයන් කෙසේ වෙතත් පුහුණුව ලත් පී.එච්.අයි කෙනෙක්වත් හමුදාවේ නොවීය. මෑතකදී වෛරසය වැළැක්වීමේ ඇඳුම් කට්ටල දස දහසක් චීනය ලංකාවට පරිත්‍යාග කළේය. එම ඇඳුම් කට්ටල භාවිතා කළ ඒවා බව හෙළි වී ඇත. ඒවා ඇඳීමෙන් කොරෝනා ඩබල් විය හැකිය. ගෝඨා කොරෝනා මැඩලීමට යෙදවූයේ එවැනි හමුදාවකි. නමුත් මෙහෙයුම් බාරගන්නා විට සියල්ල හමුදාව සතු බව ශවේන්ද්‍ර කීවේය. ත්‍රස්තවාදය මැඩලූ ඔවුන්ට කොරෝනා කජ්ජක් නොවන බව කීවේය. සිය ආරක්ෂකයා ලෙස වඳුරෙකු පත් කොට ගෙන සිටි රජෙකු ගැන අප අසා ඇත. ඕනෑම උවදුරකට පිළිතුර කඩුව යැයි වඳුරා සිතූවාට සැක නැත. මැස්සා රජාගේ බෙල්ලේ වැසූ කල කඩුවෙන් කෙ‍ටුවේ එහෙයිනි. ලංකාවේ කමල් ගුනේ සහ ශවේන්ද්‍ර එවැනි ආරක්ෂකයන්ය, නන්දසේන යනු ආරක්ෂාව ගැන වගවීමට වඳුරන් යෙදවූ රං ගොජෙකි. නමුත් වඳුරු ආරක්ෂකයා සහ රං ගොජා නිසා කෙලවෙන්නේ රටේ බෙල්ලටය.

මෝඩ කමට අනුකම්පා කළ හැකිය නමුත් දුෂ්ඨ පාවාදීමට ?
ලොස් ගෝඨා ලංකාවේ මිනිසුන් සාගතයෙන් පෙළෙද්දී, වැඩ පිළිවෙලක් නැති සාර්ක් අරමුදලට ඇ.ඩො.ලක්ෂ 50 ක් දුන්නේය. කර්ම ප්‍රවාහයෙන් උරුම වූ මෝඩකමට අනුකම්පා කළ හැක. නමුත් ගෝඨා යනු ශිෂ්ඨසම්පන්න සමාජයක පවත්වාගෙන යා යුතු යයි සම්මත අවම ගුණ ධර්මවත් නොපිළිපදින සත්වයෙකි. තම ගැලවිජ්ජාව වෙනුවෙන් ඕනෑම අයෙකු පාවා දෙන්නෙකි. ලන්ඩන් පීසී හවුස් ආයතනයට කෝටි ගණනක් ගෙවා කොරෝනා අස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රමෝට් කළේය. ලංකාව තුල කොරෝනා වලට බෙහෙත් ඇති බව ඇඟවෙන ආකාරයේ 'ඇඩ්' එකක් විකාශණය කොට සංචාරකයන් ලෙස කොරෝනා රෝගීන් ගෙන්වා ගත්තේය. රෝගීන් 28 ක් සොයා ගත්තා කියා රට ලොක් ඩවුන් කළ නොහැකි බව ගෝඨා කීවේය . වැඩ වැරදුනු විට සියල්ල කණපිට හැරුනි . කොරෝනා රෝගීන් මතුවීමත් සමග එහි වරද ඉතාලි සහ කොරියන් ශ්‍රමිකයන් මත පැටවූයේය. ඊට මාස කිහිපයට පෙර අතින් වියදම් කරගෙන මෙරටට පැමිණ ගෝඨාට ඡන්දය දුන් ඔවුන් දුෂ්ඨ ලෙස පාවා දුන්නේය.

එක බත්පත කෑ උන් පාවා දුන් හැටි..
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සිට කැබිනට් ඇමති දක්වා පිටරට වල මරණ පෙන්වා ගෝඨා උත්කර්ශයට නැගූහ. විදෙස් රටක මිනී ගොඩක් මතින් සිය ප්‍රතිරූපය ඔසවා ගැනීම සියවසේ රාජ්‍ය නායකයකු සිදු කළ නින්දිතම ක්‍රියාවකි. ගෝඨාගේ ක්‍රියාවෙන් එම රට වල වෙසෙන ලාංකිකයන් මහත් අපහසුතාවයට පත් විය. ඔවුන්ගෙන් සාතිශය බහුතරය ගෝඨා වෙනුවෙන් හඬ නැගූ මිනිසුන්ම ය. රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයද ගෝඨා වෙනුවෙන් කඩේ ගිය පිරිසකි. ඔවුන් කෝරෝනා පිළිබඳ සැබෑ තත්වය හෙළි කරන විට රජයේ වෛද්‍ය නිළධාරීන්ට ප්‍රහාර එල්ල කළේය. තමන්ට වාසි අවස්ථාවේදී මැතිවරණය කල් දැමීම නිසා මැතිවරණ කොමිසමට පහර දුන්නේය. මැතිවරණය පැවැත්වීමට පක්ෂව කථා කිරීමට අකැමැති වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට බැන වැදී කැමරාව තහනම් කළේය. අජිත් රෝහණ රූපවාහිනිය මැදිරි තුල නොදැක්කේ එහෙයිනි . අජිත් රෝහණට පක්ෂව ජන මතයක් ගොඩ නැගීම නිසා තින්දුව හකුලා ගැණුනි.

හමුදාව අනාථයි: ගෝඨා පවිත්‍රාට ඉල්ලා අස් වෙන්න කියයි..
ලංකාවේ කොරෝනා පැතිරීමේ වේගය මෙසේය.

001-100 : දින 54
101-200 : දින 19
201-300 : දින 08
301-400 : දින 04

ඉහත තත්ත්වය යටතේ මේ වන විට සංදර්ශන පාමින් සිදුකළ රෝගීන් හඹා යාම, වාහකයන් හඹා යෑම සහ ආශ්‍රිතයන් සෙවීම නැවතී ඇත. මක්නිසාදයත් දින 4 න් සිය ගණනක් රෝගීන් වාර්තා වීමත් සමග ආශ්‍රිතයන් හඹා යාමට තරම් භට පිරිස් නොමැති වීමය. මේ වන විට හමුදාවේ සහ පොලීසියේ 9000 කට වැඩි පිරිසක් නිරෝධායනයට යටත් කොට ඇත. කොරෝනා වෛරසය ගම් නියම් ගම් පුරා පැතිර ගොස් ඇත. ගෝලීය කොරෝනා මර්දනයේ හොඳම රාජ්‍ය නායකයා කියා ''ගොඩහේවා'' සම්මානය ලද ගෝඨාගේ කලිසම ගැලවී ඇත. නමුත් කලිසම ගැලවුනා කියා ගෝනි සෙල්ලම් නවතා නැත . සෞඛ්‍ය ඇමතිනිය බිල්ලට දී හෙළුව වසා ගැනීමට ගෝඨා සැලසුම් කළේය. වැලිසර නාවික හමුදා කඳවුරින් එකවර රෝගීන් 68 දෙනෙකු වාර්තා වීමත් සමග, ගෝඨා පවිත්‍රාට කතා කොට ඉල්ලා අස්වන ලෙස දැන්වූයේය. ඉල්ලා අස්වීම වෙනුවට පවිත්‍රා කළේ මහින්ද සොයා ගොස් හඬා වැටීම ය. ඉල්ලා අස්වීම දෙපාර්ශවයටම අවාසි යයි කියා මහින්ද දෙපැත්ත බැලන්ස් කළේය. මේ වන විට පවිත්‍රාට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් දියත්ව ඇත. පවිත්‍රා පන්නා දමන මෙහෙයුම පි‍ටුපස සිටින්නේ ගෝඨාය.

මහින්ද දේශප්‍රිය ගේ අවංක භාවය..
2010 ජනාධිපතිවරණයේ සිදුවූවා යයි කියන ජිල්මාට්, ඇමෙරිකන් පුරවැසියෙකු ජනපති අපේක්ෂකයෙකු ලෙස පිළිගැනීම, ගෝඨාගේ උපන්දිනය දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කාරනා බොහොමයක් නිසා මහින්ද දේශප්‍රියගේ අවංකභාවය සැක සහිත ය. මහින්ද දේශප්‍රියට එල්.බී. මානෙල් නිෂාන්ති නම් ඥාති සොහොයුරියක් විය. (ලොකු අම්මාගේ දුව) කුඩා කල මහින්ද දේශප්‍රියගේ දරුවන් බලා ගත්තේ ඇයයි. මහින්ද දේශප්‍රිය බැසිල්ට කනපින්දම් කියා එකී ඥාතිවරියට සමෘද්ධි පත්වීමක් ලබා ගෙන ඇත. ( වනචර දශකයේ සිදුවූවකි) ප්‍රදේශය වතුගෙදර, බලපිටිය ලෙසින් පත්වීම ලැබුණි. අවාසනාවට මහින්ද දේශප්‍රියගේ ඥාති සොයුරිය සමෘද්ධි සහායකයෙකු සමග හාද වී පැන ගියාය. ඔවුන් දෙදෙනා පැන ගියේ යම් සමුද්ධි මුදල් ප්‍රමාණයක් ද සමගිනි. නමුත් මහින්ද දේශප්‍රිය කංකෙඳිරි ගා එම නඩුවත් ගොඩ දා ගැනීමට සමත් විය. එපමනක් නොව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව යලි ‍රැකියාව ලබා ගැනීමට ද සමත් විය. කරුණු එසේ නම් බැසිල් - මැකෝ ඩීල් නැතැයි කිව හැක්කේ කාටද?

නාවික හමුදාවේ කොරෝනා පොසිටිව් 100 පනී...
සෞඛ්‍ය සේවය දෙවන පෙළෙහි තබා කොරෝනා මර්දනයට හමුදාව යෙදවීම අශ්වයන්ට ගස් නගින්න කියා රිලවුන්ට දුවන්න දුන්නා වැනි වැඩකි. මේ වන විට නාවික හමුදාවේ කොරෝනා පොසිටිව් ගණන 100 ඉක්මවා ඇත. මුළු නාවික හමුදාවම කොරෝනා භීතියට ලක්ව ඇත. එක් දිනක් තුල නාවික හමුදාවෙන් කොරෝනා රෝගීන් 68 වාර්තා වීමේ අසාර්ථකත්වයට වග කිව යුත්තේ පවිත්‍රා නොව නන්දසේන ය. නාවික හමුදාවට කොරෝනා බෝ වූයේ සුදුවැල්ලේ කුඩ්ඩන්ගෙන් බව හෙලි වී ඇත. සිරගෙවල්වල තද බදය වැඩියි කියා මාර්තු මාසයේදී කුඩ්ඩන් බුරුතු පිටින් නිදහස් කළේ ගෝඨා ය . ජා ඇල සුදුවැල්ලේ තුන් දෙනෙකු මාර්තු නිදහස් වූවන් ය. ඔවුන් නිරෝධායනය කළේ නාවික භටයන් ය. පුහුණුව සහ උපකරණ නොමැති හමුදාව කොරෝනා මර්දනයට යැවූයේ ගෝඨාය. නාවික හමුදාව අනාථ කළේ ගෝඨාය . පවිත්‍රාට වරද දමා බේරීමට දැරූ තැත අසාර්ථක වීමත් සමග ගෝඨා තවත් දුෂ්ඨ සැලසුමක් ක්‍රියාත්මක කළේය. නාවික හමුදාවට කොරෝනා බෝ වුනේ ගණිකා ඇසුරට ලොල් වූ භටයන් පිරිසක් නිසා යයි පුවතක් නිර්මානය කළේය. තව නොබෝ වේලාවකින් එය සමාජ ගත කිරීමට සූදානම් ය. පවිත්‍රාට එරෙහි සමාජ ජාල මෙහෙයුම මෙන්ම නාවික හමුදාවට එරෙහි මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ ගෝඨාගේ අනුග්‍රහයෙනි.

කීර්ති රත්නායක
හිටපු හමුදා බුද්ධි අංශ න
ිලධාරී

ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/48

---------------------------
by (2020-04-25 09:14:52)

Ahfesl-France Comment :

හිතක් පපුවක් නැති තිරිසනුන්ටත් අන්ත මේ කූට සටකපට මිනීමරු රාජපක්ෂලා බලයට පැමිණීමට පෙර ඒ දෙවෙනි, තුන්වෙනි සෑම මැතිවරණ ඡන්දයකදීම 1000% ෂුවර් කොට ඒ තුප්පහි වංචනික රාජපක්ෂලා ට එරෙහිව අප Ahfesl-France කීවේ මොනවාද ? ඒ වගේම මේ කොරෝනා වසංගතය රට පුරාම පතුරුවා ඒ හරහා අනවශ්‍ය මහජන මුදල් වංචා සහ දේශපාලන අයුතු ප්‍රයෝජන ගන්නා බව මේ වනවිට අප විසින් සිය දහස් වාරයකට වඩා පෙන්වා දී ඇත.

අපගේ ඒ සියළු සත්‍යය මඟපෙන්වා දීම් අද මේ වනවිට සැබැවක් වී ඇත. ඒ බව අද ලොව වටා වෙසෙමින් මෙම "ලංකා ඊ නිව්ස්" සත්‍යය පුවත කියවන ඒ අපගේ සියලුම ශ්‍රී ලාංකියනට රාජපක්ෂලා යනු හුදෙක් තම බලයට මුදලට කෑදර තිරිසනුන්ටත් වඩා අන්ත බව නිසියාකාරව අවබෝධ වනු ඇත. යමෙක් මෙම සත්‍යය තොරතුරු පිළිනොගන්නේ නම් ඒ රාජපක්ෂලාටත් වඩා අන්ත කුරිරු බඩජහාරි තිරිසනුන් බව නොකිව මනාය.

Cruel politics of Sri Lanka : http://ahfesl.free.fr (25.04.2020)

"මෙන්න අන්තිමට මේ පිළිබඳව අප Ahfesl, Facebook හරහා (20.04.2020 දින) ප්‍රචාරය කළ කෙටි වදන"

ලංකාවේ තිරිසන් රාජපක්ෂලාගේ ඇති බල ලෝභී අවලං පජාති ගුණමකූ දේශපාලනය නිසා මුළු රටම කොරෝනා වසංගතයෙන් වෙළා ගෙන ඇත. එම විනාශය ලාංකීය ජනතාවට දුප්පත්-පොහොසත් භේදයකින් තොරව සැමටම අත්පත්වන බව දියුණු යුරෝපයේ වෙසෙන සැබැ දේශ-ජාති ප්‍රේමී සිංහල බෞද්ධ අපට සියයට දාහක් (1000% ක්) ෂුවර් ඉස්ථීරයි බව අමතක නොකරන්න වග බලාගන්න.

එහෙත් කරුමය උරුමය කරගත් ඒ මෝඩ ජන්ද දායක වහල් බයියන්ට වගේ වගක් නැත. කරුමය-උරුමය කරගත් ඔළමොට්ටල ඒ බඩජහාරි වංචනික ලාංකීය ජනතාව නිසා මුළු රටත් ජනතාවත් සුනේ සුන්ව විනාශ වී යනු ඇත.

Cruel politics of Sri Lanka : http://ahfesl.free.fr (20.04.2020)